අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

ප්‍රාදේශීය ලේකම්

IMG 3553
 
නම කේ.එස්.ඩි දිසානායක
සුදුසුකම්
  • විද්‍යාපති පශ්චාත් උපාධිය (ධීවර හා ජලජ සම්පත්)
  • විද්‍යාෙව්දි උපාධිය (ධීවර හා සාගර විද්‍යාව)
රැකියා ඉතිහාසය  
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මාතලේ
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කුණ්ඩසාලේ

සහකාර ප්‍රාදේශීය ලේකම්

 ads 2022 නම  කේ.ජී.ධනංජනී චතුරි  දිසානායක මෙනවිය
සුදුසුකම්  
  • සංවිධාන කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය
  • කෘෂිකර්ම තාක්ෂණය සහ කළමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධිය
රැකියා ඉතිහාසය  
උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ගණකාධිකාරි

 90430 A නම ජි.ඒ.ආර්.ධනංජනි ගම්මන්පිල මිය
සුදුසුකම්

 විද්‍යාවේදී ගිණුම්කරණ (විශේෂ) උපාධිය

රැකියා ඉතිහාසය  

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 Deputy Director නම  බි.ජි පාලිත රාජපක්ෂ
සුදුසුකම්
  • සමාජ විද්‍යාව පිළිබඳ කලා උපාධිය
  • සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රෙව්දි උපාධිය
රැකියා ඉතිහාසය  
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - මිණිපේ

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර

පරිපාලන නිලධාරී

 unnamed නම අයි.එම්ඩබ්ලියු.අයි.ඩබ්ලියු.කේ.බි.ඉලංගකෝන් මයා
සුදුසුකම්  
  • ශාස්ත්‍රවේදී උපාධිය - ඉංග්‍රීසි
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - උඩුදුම්බර
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැදදුම්බර

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

  agn නම එස්.එම්.විජේකෝන් මයා
සුදුසුකම්
  •  කලා උපාධිය
රැකියා ඉතිහාසය  

​

 

කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සංඛ්‍යා තොරතුරු-2021.12.31 දිනට
තනතුර වැටුප් කේතය සේවා මට්ටම අනුමත කාර්ය මණ්ඩලය පවත්නා සේවක සංඛය්‍යව පුරප්පාඩු අතිරික්තය
ප්‍රාදේශීය ලේකම් SL-1-2016 ජේෂ්ඨ 1 1 0 0
සහකාර ප්‍රාදේශීය ලේකම් SL-1-2016 ජේෂ්ඨ 1 1 0 0
සහකාර අධ්‍යක්ෂ/ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ( සැලසුම්) SL-1-2016 ජේෂ්ඨ 1 1 0 0
ගණකාධිකාරී SL-1-2016 ජේෂ්ඨ 1 1 0 0
පරිපාලන නිලධාරී MN-7-2016 තෘතීයික 1 1 0 0
පරිපාලන ග්‍රාම නිලධාරී  MN-7-2016 තෘතීයික 1 1 0 0
භාෂා පරිවර්තක (සිංහල-දෙමළ) MN-6-2016 තෘතීයික 1 0 1 0
අතිරේක දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් MN-5-2016 තෘතීයික 1 1 0 0
සවර්ධන සම්බන්ධීකාරක MN-4-2016 ද්විතීයික 1 1 0 0
සවර්ධන නිලධාරී MN-4-2016 ද්විතීයික 97 108 0 11
තාක්ෂණ නිලධාරී  MN-3-2016 ද්විතීයික 2 1 1 0
කළමනාකරණ සේවා නිලධාරි MN-2-2016 ද්විතීයික 32 32 0 0
ග්‍රාම නිලධාරී  MN-2-2016 ද්විතීයික 80 67 13 0
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහායක MT-1-2016 ද්විතීයික 1 0 1 0
තාක්ෂණ සහායක MT-1-2016 ද්විතීයික 1 1 0 0
රියදුරු PL-3-2016 ප්‍රාථමික 2 2 0 0
කාර්යාල කාර්ය සහායක PL-1-2016 ප්‍රාථමික 8 7 1 0
ඒකතුව 232 226 17 11

අපගේ දැක්ම

යහපාලනය තුළින් විශිෂ්ටතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනූකූලව සේවා සැපයීම , සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් තිරසාර හා සැලසුම් සහගත  සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම

 

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කය වන මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාස 20 අතරින් සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයක් ලෙස කුණ්ඩසාලේ ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසය හඳින්විය හැක.

කුණ්ඩසාලේ   ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසය,

උතුරින් - පන්විල ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයෙන්ද,

නැගෙනහිරින් - මැදදුම්බර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයෙන්ද,

දකුණින් - ගඟවට කෝරලේ ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයෙන්ද,

බස්නාහිරින් - පාතදුම්බර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයෙන්ද,

මායිම්ව පිහිටා ඇත.

කොට්ඨාසයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 85.8 ක් වන අතර පරිපාලන කටයුතු වල පහසුව සඳහා ග්‍රාම නිළධාරි කොට්ඨාස 80කට බෙදා ඇත. මෙම ග්‍රාම නිළධාරි වසම් තුළ ගම්මාන 263ක් පිහිටා ඇත.

2017 වර්ෂයේ කොට්ඨාසය තුල ජනගහනය 140,299ක් වන අතර පුරුෂ ජනගහනය 67989ක් හා ස්ත්‍රී ජනගහනය 72310ක් වේ.මහනුවර නගරයට කිලෝ මීටර් 16ක් දුරින් පිහිටි කුණ්ඩසාලේ අර්ධ නාගරික ප්‍රදේශයක් ලෙස ශිඝයෙන් දියුණුව කරා ලඟා වීම නිසා ජනගහනය අධික වේ. එමෙන්ම පල්ලෙකැලේ කර්මාන්තපුරය, කාර්මික ජනපදය, ප්‍රධාන ලේකම් කාර්යාලය, අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පොලිස් රෝහල, පළාත් ආයුර්වේද රෝහල ඇතුළු රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් සුථාපිත කර ඇති බැවින් මෙම කොට්ඨාසය තුල මාර්ග, පානීය ජලය, විදුලිය හා සන්නිවේදන පහසුකම් වැනි භෞතික යටිතල පහසුකම් සංවර්ධනය වී ඇත.

සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී.21.25ක් පමණ වන අතර, සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 25.25 - 27 ක් අතර පවතී. ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථාන ලෙස ගල්මඩුව රජමහා විහාරය, දෙගල්දොරුව රජමහා විහාරය, කුණ්ඩසාලේ රජමහා විහාරය, ආදී ස්ථාන හැඳින්විය හැක. නයිස්ඩේල් දිය ඇල්ල, නාරම්පනාව නාන තටාකය පාරිසරික සෞන්දර්යය විදහාපාන ස්ථාන ලෙස හැඳින්විය හැක.

ස්වාභාවික සම්පත් ලෙස භූගත ඩොලමයිට් හා කළුගල් වැනි පාෂාණ නිධි තිබෙන අතර, පාරම්පරික කලා නිර්මාණ විදහා දක්වනු ලබන පිත්තල භාණ්ඩ, හණ කර්මාන්තය හා ලී කැටයම් කලාව සඳහන් කල හැක. භෞතික ආර්ථික හා සාමාජීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආගමික සංවර්ධන කටයුතු හා සමාජ සුභ සාධක පහසුකම් සංවර්ධනය කිරීම මූලික වශයෙන් සමස්ථ සංවර්ධන කටයුතු වලදී අපේක්ෂා කරයි.කොට්ඨාසය තුල පාසැල් 39ක් ඇති අතර සිංහල මාධ්‍ය පාසැල් 30ක්ද දෙමල මාධ්‍ය පාසැල් 07ක්ද ඇත. ඒ අතරින් ජාතික පාසැල් 02ක්ද, මධ්‍ය මහා විද්‍යාල 01ක්ද, මහා විද්‍යාල 15ක්ද, කණිෂ්ඨ විද්‍යාල 13, සහ ප්‍රාථමික විද්‍යාල 04, ජාත්‍යන්තර පාසැල් 02ක්ද ඇත. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 01ක්ද, පොලිස් අභ්‍යාස විද්‍යාල 01ක්ද කොට්ඨාසය තුල පිහිටා ඇත.

වර්තමානයේ සීඝ්‍රයෙන් නාගරීකරණය වන ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි මෙම කොට්ඨාසයේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයක් ද ස්ථාපිත වී ඇත. ඒ අතුරින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රමුඛ වේ. පල්ලෙකැලේ ආයුර්වේද රෝහලද ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ ස්ථානයකි. එමෙන්ම පල්ලෙකැලේ කර්මාන්ත පුරය ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන ආයතනයකි.




News & Events

19
ජූනි2026
Citizen Mirror Divisional Productivity Index -1.0

Citizen Mirror Divisional Productivity Index -1.0

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පවත්වන ලද...

19
ජූනි2026
Citizen Mirror Divisional Productivity Index -1.0 (2)

Citizen Mirror Divisional Productivity Index -1.0 (2)

" මනසින් සවිමත් දරුවන් සවිමත් " ඔක්තෝබර්...

Scroll To Top