According to Section 7 (1) of the Welfare Benefits Act No. 24 of 2002, the Government has decided to identify the eligible persons to receive welfare benefits payments.

නොමිලේ පැවැත්වෙන නර්තන පාඨමාලාව

 සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් නොමිලේ පවත්වනු ලබන උඩරට නර්තන පාඨමාලාව තුරුණුසවියගම ප්‍රජාශාලාවේදී සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 8.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත් වේ.

 

පළමු ශ්‍රේණියේ 11 ශේණිය දක්වා  ගැහැණු , පිරිමි ඕනෑම  දරුවෙකුට සහභාගී විය හැකිය.

 

ඇතුලත්වීමේ ගාස්තුව වසරකට රු.400.00 ක් පමණි.

 

විමසීම්: 081-2061510 / 071-8395950

උපාධිධාරි අභ්‍යාසලාභින් පුහුණුව සදහා බදවා ගැනීම - කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

 

අයදුම්පත්‍ර තොරතුරු ඇතුලත් කිරීම සදහා

 

2020 වර්ෂය සදහා සම්පත්දායකයින් බදවා ගැනීම

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශය යටතේ ක්‍රියාත්මක කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ඊට සම්බන්ධ ග්‍රාමීය සංස්කෘතික මධ්‍යස්ථානවල කුසලතා සංවර්ධන වැඩසටහන් ඉගැන්වීම සදහා සම්පත්දායකයින් බදවා ගැනීමට අදාලව සුදුසුකම් ලත් අයගෙන් අයදුම්පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.

 

කුසලතා සංවර්ධන වැඩසටහන් (සංස්කෘතික මධ්‍යස්ථානය)

  1. 01. උඩරට නැටුම් 02. පහතරට නැටුම්       03. බෙරවාදනය
  2. 04. බරථ නැටුම් 05. ශාස්තීය සංගීතය 06. ජන සංගීතය
  3. 07. චිත්‍ර හා මූර්ති 08. දෙමළ භාෂාව          09. පූර්ව ළමාවිය සංවර්ධන (පෙර පාසල)

කුසලතා සංවර්ධන වැඩසටහන් (ග්‍රාමීය සංස්කෘතික මධ්‍යස්ථානය)

  1. උඩරට නැටුම් -  ග්‍රාමීය සංස්කෘතික සමාජ 01
  2. 02. උඩරට නැටුම් - ග්‍රාමීය සංස්කෘතික සමාජ 02  
  3. 03. ජන සංගීතය -  ග්‍රාමීය සංස්කෘතික සමාජ 03

අයදුම්කරුවන් විසින් සපුරා තිබිය යුතු මුලික සුදුසුකම්

01.කොට්ඨාසය තුල ස්ථිර පදිංචිකරුවෙකුවීම හෝ ප්‍රදේශයේ රාජ්‍ය/ පෞද්ගලික 

      ආයතනයක ස්ථිර සේවකයෙකු වීම.

02.අයදුම් කරන පාඨමාලාවට අදාලව උපාධියක්/ඩිප්ලෝමාවක් ලබා තිබීම හෝ  

      පාරම්පරික ශිල්පියෙක් විය යුතුය.

  1. 03. මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුක්ත අයෙකු වීම.
  2. 04. වයස අවුරුදු 18 ඉක්මවා තිබිය යුතු වීම.
  3. 05. මනා චරිතයකින් යුක්ත අයෙකු වීම.

 

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුස්සන් තෝරාගනු ලබන අතර තෝරා ගන්නා අයදුම්කරුවන් 2020 වසර සදහා කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්පත්දායකයින් වශයෙන්  නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි කරනු ඇත.

 

සැලකිය යුතුයි!

මෙම තනතුර රජයේ ස්ථිර රැකියාවක් නොවන අතර සම්පත්දායකයින් වශයෙන්  තෝරා ගන්නා අය සදහා සේවය කරන පැය ගණන අනුව මාසික දීමනාවක් ගෙවනු ඇත. එතෙකුදු වුවත් තම හැකියාවන් සේවයක් සේ සැපයීමට කැමති අයවලුන් පමණක්  අයදුම් කිරීම සුදුසු වේ.

අයදුම්පත් (තමා විසින් සකස් කරන ලද) 2019.12.05 දිනට පෙර පහත ලිපිනයට අතින් හෝ තැපෑලෙන් ලබා දීමට කටයුතු කරන්න.

                                                                                                                                                                                                                    

අයදුම්පතු යොමු කළ යුතු ලිපිනය:-

ස්ථාන භාර සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි,

කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානය,

මැණික්හීන්න.  දුරකථන අංක: 081-2061510

Subcategories

News & Events

19
Jun2026
Citizen Mirror Divisional Productivity Index -1.0

Citizen Mirror Divisional Productivity Index -1.0

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පවත්වන ලද...

19
Jun2026
Citizen Mirror Divisional Productivity Index -1.0 (2)

Citizen Mirror Divisional Productivity Index -1.0 (2)

" මනසින් සවිමත් දරුවන් සවිමත් " ඔක්තෝබර්...

29
Nov2023

උප්පැන්න/ ව්වාහ/ මරණ සහතික පිටපත් ලියාපදිංචියට හා සංශෝධන

උප්පැන්න/ ව්වාහ/ මරණ සහතික පිටපත් ලියාපදිංචියට හා...

Scroll To Top