RTI

කුණ්ඩසාලේ ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක වන වගයි !

ගාස්තු අයකිරීම

(2004/66 ගැසට් පත්‍රය අනුව)

A4 හෝ ඊට අඩු         - තනි පැත්ත

(ජායා පිටපත්)            - දෙපැත්ත

රු. 2/-

රු. 4/-

A3 ලීගල්                  - තනි පැත්ත

(ජායා පිටපත්)            - දෙපැත්ත

රු. 4/-

රු. 8/-

 

A4 හෝ ඊට අඩු         - තනි පැත්ත

(මුද්‍රිත පිටපත්)            - දෙපැත්ත

රු. 4/-

රු. 8/-

A3 ලීගල්                  - තනි පැත්ත

(මුද්‍රිත පිටපත්)            - දෙපැත්ත

රු. 4/-

රු. 8/-

 

CD/ USB

ඊ-මේල්

රු. 20/-

ගාස්තු අය නොකෙරේ

  • තොරතුරු ලබාගත හැකි ආකාරයන්

යම් පුරවැසියෙකුට තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට ඉඩ ලබාදී ඇති අවස්ථාවක එම පුරවැසියාට ආකාර කිහිපයකින් තොරතුරු ලබාගැනීමට අයිතියක් ඇත.

  1. අදාළ වැඩ අධීක්ෂණය කිරීමෙන් - යම් වැඩ බිමක හෝ ස්ථානයක කෙරෙන කාර්යය ඔහුට නිරීක්ෂණය කළ හැකිය.
  1. ලේඛණ වාර්තා අධීක්ෂණය කිරීම- යම් ලේඛනයක්,වාර්තාවක්,ලිපිගොනුවක්,ඔහුට පරීක්ෂා කර කියවා බැලිය හැකිය
  1. අදාල ලේඛන හෝ වාර්තාවලින් සටහන් හෝ උදෘත ඔහුට පිටපත්කරගත හැකිය.                         
  1. ලේඛන හෝ වාර්තාවල අඩංගු ලියවිලිවලින් -සහතික කළ පිටපත් ඔහුට ලබාගත හැකිය.
  1. ද්‍රව්‍යවල සහතික කළ නිදර්ශක ලබා ගැනීම-ගබඩා භාණ්ඩයක්,කොන්ක්‍රීට් මිශ්‍රණ සාම්පලයක් ආදී වශයෙන් ඔනෑම ද්‍රව්‍යයක සහතික කළ නිදර්ශක ලබාගැනීමට හැකිය.
  1. පරිගණකයක හෝ වෙනත් උපාංගයක තොරතුරු ගබඩාකර ඇති අවස්ථාවක,ෆ්ලොපී ඩිසකට්,දෘෂ්‍ය කැසට්පට හෝ වෙනත් විද්‍යුත් ක්‍රමයකින් (CD/DVD) හෝ මුද්‍රිත පිටපත් වශයෙන් එම තොරතුරු පුරවැසියෙකුට ලබාගත හැකිය.

 

  • තොරතුරු ඉල්ලා සිටිය හැක්කේ කෙසේද?

 

  • ඉල්ලුම්පතක් පිරවීමෙන් (R TI 01) හෝ,
  • ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් හෝ,
  • වාචික ඉල්ලීමකින් හෝ,
  • ෆැක්ස්, ඊ-මේල්, විද්යුත් මාධ්‍ය මඟින් හෝ ඉල්ලීම් ඉදිරිපත් කල හැකිය.

 

  • තොරතුරු ඉල්ලා සිටින්නේ කාගෙන්ද?

 

ඔබ තොරතුරු ඉල්ලා සිටිය යුත්තේ තොරතුරු නිලධාරියාගෙනි,

කෞෂල්‍යා එස්. ධර්මපාල

සහකාර ප්‍රාදේශීය ලේකම්

070-2335904 / 077-7335904

 

  • තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

 

  • පෞද්ගලික තොරතුරු
  • ආරක්ෂිතබව, රටේ භෞමික අඛණ්ඩතාව හා ආරක්ෂාවට හෝ රජයේ ආර්ථීක හා මූල්‍ය ප්‍රතිපත්තීන් සඳහා බලපෑමක් ඇති තොරතුරු
  • බුද්ධිමය දේපල පනත යටතේ ආරක්ෂාකාරි විධීවිධාන
  • තුන්වන පාර්ශවයකට අයත් තොරතුරු එම පාර්ශවයේ එකඟකතිවය නොමැති විට
  • අධිකරණයට අපහාස වන හෝ අධිකරණයට බලපෑමක් වන තොරතුරු
  • විවිධ ආයතන හා නීති ප්‍රතිපාදන යටතේ රහසිගතව පවත්වාගෙන යායුතු තොරතුරු...ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි.
  • තොරතුරු ඉල්ලීම භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම
  • තොරතුරු ප්‍රවේශයට අවස්ථාව ලබා නොදීම
  • කාලසීමාවන්ට අනුකූල වීමය
  • තොරතුරු අසම්පූර්ණ හා සාවද්‍යවීම
  • වැඩිපුර ගාස්තු අය කිරීම
  • තොරතුරු විකෘති කිරිම සිදු වුවහොත්......?

 

  • ඉල්ලුම්කරුට දින 14ක් තුළ නම් කල නිලධාරියා වෙත RTI 10 පෝරමය පුරවා දීම මඟින් අභියාචනයක් ඉදිරිපත් කල හැකිය
  • අභියාචනය සම්බන්ධ තීරණයෙන් අගතියට පත් පුරවැසියෙකුට එම තීරණය ලැබී මාස 02ක් තුළ තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවට අභියාචනයක් කිරීමට හැකිය.

 

 

News & Events

14
Jan2019

විමලරත්න කුමාරගම කවියානන්ගේ 100 වන ජන්ම ශත සංවත්සර උත්සවය

විමලරත්න කුමාරගම කවියානන්ගේ 100 වන ජන්ම ශත...

14
Jan2019

71 වන නිදහස් සැමරුම් උළෙල

71 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමිව නව...

Scroll To Top